ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සුදු ළුෑණු සහ බී ළුෑණු මිල ඉහලට .

(UTV| කොළඹ) – මෙරට වෙළඳපොළේ බී ළුෑණු කිලෝවක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ පසුගිය සතියේ ඉන්දියාවේ බී ළුෑණු මිල ඉහළ යාමේ හේතුවත් සමගයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ මේ වන විට බී ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 95ත්, 100ත් අතර මිලකට අලෙවි වන බවයි.

තවද චීනයේ සුදු ළුෑණු මිල ඉහළ යාම හේතුවෙන් මෙරට සුදු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 40කින් පමණ මිල ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර, දේශීය ලොකුළුෑණු ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් පසුගිය දා රජය ආනයනික ලොකුළුෑණු කිලෝවක් සඳහා පැවති රේගු බදු රුපියල් 20කින් වැඩි කරනු ලැබුවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව කිසිඳු චෝදනාවක් බුද්ධි අංශ වාර්තාවේ නැහැ – අගමැති

Mohamed Dilsad

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

දුම්රිය වර්ජනය දැඩි කරන බව වෘත්තීය සමිති කියයි

Mohamed Dilsad

Leave a Comment