ප්‍රමුඛ පුවත 1

ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද රැස්වෙයි

(UTV| කොළඹ) – ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බවත් එහිදි ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ගැටළු හේතුවෙන් ආණ්ඩුවේ මුස්ලිම් කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්වුහ.

කෙසේවෙතත් ඉල්ලා අස්වු ඇතැම් අමාත්‍යවරුන්ට නැවත අදාළ ධුරවල කටයුතු කරන ලෙස විවිධ පාර්ශවවලින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව සහ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අද (18) දිනයේ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලලිත් රාජපක්ෂ නිදහස් කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ජනතාව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment