ප්‍රමුඛ පුවත 1

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

(UTV| කොළඹ)  – පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත් ලබා දෙන වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී අද(19) හෝමාගම නගරයේ විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත් ලබා දෙන වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙලෙස අද ක්‍රියාත්මක කරයි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරා ගනු ලැබූ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ හයක් සඳහා අලුතින් සමෘද්ධි හිමිකම් ලබා දීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 2019 වසරේ අයවැය යෝජනා අංක 162ට අනුව මේ සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති මුදල මිලියන දස දහසකි.
2018 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගෙන වසම් මට්ටමින් සිදු කළ සමීක්ෂණයන්ගෙන් ලබා ගත් දත්ත වලට අනුව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛනවල නම් සඳහන් ප්‍රතිලාභීන් මේ සඳහා හිමිකම ලබන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.
මේ නව සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදානය සඳහා අවශ්‍ය සියලු කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරේ.
සමෘද්ධි සහනාධාර හිමිකම් ලැබීමෙන් අනතුරුව එම සෑම ප්‍රතිලාභී පවුලක් සඳහා ම සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ප්‍රදානය කරනු ලබන ප්‍රතිලාභ රැසකට හිමිකම අත් වේ. ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සිදු වන දරු උපත්, විවාහ මංගල, රෝහල් ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අමතර මුදල් ප්‍රදාන හිමි වනු ඇත.
එමෙන්ම එම පවුල් වල උසස් පෙළ හදාරන සිසු දරුවන් වෙනුවෙන් වසර 02 ක් සඳහා ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබා ගැනීමට ද හිමිකම් ලැබේ. තවද මාසිකව දිනුම් අදිනු ලබන සමෘද්ධි නිවාස ලොතරැයිය මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබා දෙනු ලබන නිවාස 331 ක හිමිකම සඳහා ළඟා වීමට ද අවකාශය සැලසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති කාර්යාලයේ රියදුරෙකු මත් කුඩු සමග අත්අඩංගුවට..

Mohamed Dilsad

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

ආබාධිත සහ මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප්

Mohamed Dilsad

Leave a Comment