ප්‍රමුඛ පුවත 1

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමේ අවසරය ඉවත් කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

(UTV| කොළඹ) – පර්පචුවල් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට විදෙස් ගතවීමට ලබා දී ඇති අවසරය ඉවත් කරන්නැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

‍බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජෙෆ්රි ඇලෝසියස් මහතා ඇතුලු කිහිප දෙනෙකුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරිමට සුදානමින් සිටින බැවින් ඔහුට විදෙස් ගතවීමට ලබා දී ඇති අවසරය ඉවත් කරන ලෙසයි අදාල මෝසම මගින් නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

අදාල මෝසම පිළිබද දෙපාර්ශවයට කරුණු දැක්වීමට හෙට (20) යලි මෙම නඩුව කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.

සිය දියණියගේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට ජෙෆ්රි ඇලෝසියස් මහතාට ලබන මස පළමු වන දා සිට 11 වනදා දක්වා විදෙස් ගතවීමට පසුගිය 13 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු සමයේ වැටලීම් 3555ක්

Mohamed Dilsad

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

Mohamed Dilsad

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment