ප්‍රමුඛ පුවත 1

කොළඹට අද පැය 15ක් ජලය කපයි

(UTV| කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (22) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙනි.

අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව  කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර, නවීකරණ කටයුත්තක් හේතුවෙන් මාතලේ – කූඹියන්ගොඩ පාර, වරකාමුර පාර, ඒ – 9 පාර, පළාපත්වල, ඉහළ හරස්ගම යන ප්‍රදේශවලට හෙට (23) පැය 8ක් ජල සැපයුම අත්හිටුවන බවද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment