ප්‍රමුඛ පුවත 1

යුධ හමුදාපති විශේෂ පාර්ලිමේන්තු කාරකසභාව හමුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) රැස්වන බවත් ඒ සඳහා පළමුව සාක්ෂි ලබාදීමට යුධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර එම සභාව හමුවට පැමීණ ඇති බවත් අප වාර්තාකාරු පවසයි.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් කාරක සභාව රැස්විය.

මිට අමතරව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පවතින තේරීම් කාරක සභාව හමුවට පැමිණීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

Mohamed Dilsad

2020 ජනාධිපති අපේක්‍ෂකයා

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment