ප්‍රමුඛ පුවත 1

ලංවීමට අද රාත්‍රියේ සිට සංස්ථාවෙන් තෙල් නෑ

(UTV| කොළඹ)  –  අද මධ්‍යම රාත්‍රියේ සිට අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ ඇති විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීම නවතා දමන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

ඒ කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය සදහා අලූතින් නළ එලීමේදී මෝදර ,මහවත්ත, ප්‍රදේශයේ ඇති වූ ගැටලූවට අමාත්‍ය රවී කරුණානායක වගකිව යුතු බවට චෝදනා කරමිනි.

මෙම ගැටලූව සදහා වහා විසදුමක් ලනා දෙමට විදුලි බල අමාත්‍යවරයා පියවර ගතයුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කරයි.

කොළඹ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළ මේ වනවිට අබලන් තත්ත්වයක පවතිනවා.

මෙම නල මාර්ගය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී දින 3 කින් ප්‍රවාහනය කළ හැකි ඉන්ධන තොග, කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත රැගෙන යාමට දින 6 ක් පමණ ගත වන බවත් ඒ නිසා මෙරටට ඉන්ධන ප්‍රවාහනය කරන නැව් සදහා අතිරේක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත් එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඛණිජ තෙල් සංස්ථාවට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඛනිජ තෙල් කර්මාන්ත සේවක සංගමය, ඉංජිනේරු සංගමය, විධායක නිලධාරින්ගේ සංගමය සහ ලංකා පොදු සේවක සංගමය එක්ව සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණවල අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීමට සාකච්ඡා [VIDEO]

Mohamed Dilsad

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

සජිත් සමඟ විවාදයකට සහභාගී නොවිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment