ප්‍රමුඛ පුවත 1

මරණ දණ්ඩනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දහයක්.

(UTV| කොළඹ)  – මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු කියයි.

ඒ අනුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය කේ සේනාරත්න සහ දැනට වැලිකඩ බන්ධනාගාරය තුළ මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් කිහිප දෙනෙකු ද සිය නීතිඥවරු මාර්ගයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

ඒවායේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යවරිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබේ.

මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පමණක් තෝරාගෙන එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය තුළින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බව අදාළ පෙත්සම් මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළගේ වේගය වැඩි විය හැකි බවට අනාවැකි

Mohamed Dilsad

මව් භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment