ප්‍රමුඛ පුවත 1

මරණ දණ්ඩනය පිලිබඳ අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් හමුවී කරුණු දක්වයි.

(UTV| කොළඹ) – මරණ දණ්ඩනය නැවත සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් හමුවී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර ඇත.

ජනාධිපතිවරයාගේ තීරණයට තමන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් , මරණ දඩුවමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමට තීරණය කිරීමට පෙර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඒ පිළිබඳ කිසිදු අදහස් විමසීමක් සිදු නොකල බවද අග්‍රාමාත්‍යවරයා එහිදී තානාපතිවරුන් හට දැනුම්දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

Mohamed Dilsad

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment