ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

(උදයම්,කොළඹ) – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
පසුගිය 16 වනදා හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණි.නමුත් එදිනට පැමිණිය නොහැකි බව ඔහු විසින් කොමිසම වෙත දැනුම් දෙන ලදී.
ඒ අනුව අද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිනු ඇත.
පසුගීය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳ මෙහිදී ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

Related posts

ශානි අබේසේකරගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

නිදන් වස්තු සෙවූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

වැල්ලම්පිටියේ කාන්තාවක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment