ප්‍රමුඛ පුවත 1

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාප්ති වැඩසටහන අද ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV|මොණරාගල)  – “රට වෙනුවෙන් එකට සිටිමු” මොණරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන අද (06) පෙරවරුවේ බිබිල මහජන කි‍්‍රඩාංගණයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසදීම සඳහා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

මොණරාගල දිස්ති‍්‍රක්කයට අයත් මොනරාගල, තණමල්විල, මඩුල්ල, කතරගම, බුත්තල, බඩල්කුඹුර, වැල්ලවාය, මැදගම, සියඹලාණ්ඩුව, බිබිල, සෙවනගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග‍්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන සතියක් පුරා කි‍්‍රයාත්මක වූ අතර අද වන විට ප‍්‍රතිලාභ ලැබු මුළු පුද්ගලයින් සංඛ්‍යාව අනූතුන්දහස් හත්සිය අටක් වේ. ව්‍යාපෘති 1091ක් වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 42.5කට අධික ය.

ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක කරන ප‍්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකගඩු රෝග නිවාරණය, ග‍්‍රාමශක්ති, ජාතික පරිසර සංරක්ෂණය, දරුවන් සුරකිමු, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප‍්‍රජාව සවිබල ගැන්වීම, ස්මාර්ට් ශ‍්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන ආදි වැඩසටහන්වලට අයත් කි‍්‍රයාකාරකම් රැුසක් මෙම සතිය පුරා දිස්ති‍්‍රක්කයේ දී කි‍්‍රයාත්මක කෙරිණි. ඊට අමතරව දිස්ති‍්‍රක්කයේ ජනතාව කෙරෙහි ඝෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තීය හා සෞඛ්‍ය ගැටලු විසඳීම හා එම ක්ෂේත‍්‍රයන්හි සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කර තිබිණි.

තව ද ජනතාවගේ ගැටලු ඝෘජුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන්න වැඩසටහන ද මෙම සතිය පුරා දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක දී කි‍්‍රයාත්මක විය.

හෙට දින පැවැත්වෙන සමාප්ති වැඩසටහනේ දී ද දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප‍්‍රතිලාභ රැසක් බෙදාදීමට නියමිත අතර, දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාවගේ ප‍්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 36ක වියදමින් වැල්ලවාය මූලික රෝහලේ ඉදිකර ඇති වකුගඩු ඒකකය හෙට ජනතා අයිතියට පැවරෙන්නේ ද ජනාධිපතිතුමා අතිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමට ඛේට පරීක්ෂාවක්

Mohamed Dilsad

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

Leave a Comment