Trending News

2016 සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨයින් මෙන්න

(උදයම්,කොළඹ)  – 2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට එක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද උදෑසන 10න් පසු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරන බවය.

අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දින තැපැල් කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතය.

මීට අමතරව 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් අවශ්‍ය වන්නේ නම් තොරතුරු ලබා ගත හැක.

නිකුත් කර ඇති  ප්‍රතිඵලවලට අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා බාලිකා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් සිසුවිය විසින් හිමි කර ගන්නා ලදී.

එහි දෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්. මුණසිංහ සිසුවියටයි හිමිව ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨයන් අතර තෙවන ස්ථානය දෙකක් ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම්. සුගත් රවිදු සන්වර සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඖෂධී මිරිස්සගේ එම ස්ථාන හිමිකරගෙන ඇත.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පඹසරා මලිති කුමාරි හේරත් සාමාන්‍ය පෙළ විභාගයේ සිව් වන ස්ථානයට ඉහළ සාමාර්ථයක් හිමිකරගෙන තිබේ.

මෙවර  5 වන ස්ථාන තුනක් පවතින අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩී.එම්. රනුමි දිසරනී නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනයේ හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පිළිවෙලින් එම ස්ථානවලට පත්වුණි.

6 වන ස්ථාන ද දෙකක් පවතින අතර ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ කේ.ජී.ජී.ඊ. රන්දිනි ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ,ඒ. යසාරා උමාෂි විසිනුයි එම දක්ෂතාවන් දක්වා ඇත.

මෙම සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුහු පන්ලක්ෂ 51,340ක් පෙනී සිටියහ.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 784208, 2784537, 3188350 හෝ 3140314 යන දුරකථන අංක ඇමතීමෙන් ද ලබාගත හැකි බවය.කිසියම් අපේක්ෂකයෙකු නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන්නේ නම් අප්‍රේල් මස 30 වන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/2017-OL-RESULTS.jpg”]

Related posts

நாட்டின் சில இடங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

சுகாதார இராஜாங்க அமைச்சரின் ஆலோசகராக டாக்டர். எச்.எம்.ரபீக் நியமனம்

Mohamed Dilsad

ஆறு மாகாணங்களுக்கு புதிய ஆளுநர்கள் நியமிப்பு

Mohamed Dilsad

Leave a Comment