ප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව කිසිඳු චෝදනාවක් බුද්ධි අංශ වාර්තාවේ නැහැ – අගමැති

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් රිෂාඞ් බදියුදීන්  හිටපු අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පේ‍්‍රක්ෂකාගාරය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (14 ) පැවැති උත්සවයේදී පැවසීය.

ඇතැම් පිරිස් මෙම වාර්තාවේ යම් යම් කොටස් ප‍්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරන බවත් එමගින් සිදුවන්නේ අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදයට අනුබලදීමක් බවද අගමැතිවරයා එහිදි සඳහන් කළේය.

කිසියම් වාර්තාවක කොටසක් ප‍්‍රතික්ෂෙප කර ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත් දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක‍්‍රියා කිරීමෙන් සිදුවන්නේ සාක්ෂිවල ශක්තිය අඩපණවීමක් බවත් අගමැතිවරයා කීවේය.

මෙම බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කථානායකවරයා වෙත යවා තිබෙන බවද ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා…

“පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධව පොලිස් බුද්ධි අංශය විසින් කරනු ලැබූ පරීක්‍ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබාදීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයන්ටත් එම වාර්තාව ලබාදීමට මා උපදෙස් දී තිබෙනවා.

එම වාර්තාව කථානායකවරයා විසින් අපට ලබාදුන්නා. එම වාර්තාවේ චෝදනා 300 ක් තිබුණා. එම චෝදනාවල බහුතරයක් කිසිදු පදනමකින් තොරව කළ චෝදනා බව සඳහන් වෙනවා. ඉන් සමහර චෝදනා පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නැති බවත් සඳහන් වෙනවා. ඒ අනුව රිෂාඞ් බදියුදීන් ඇමැතිතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව කථානායකවරයා දැනුම් දුන්නා.

මේ පිළිබඳව නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව පවසා තිබෙනවා. එමගින් සිදුවන්නේ සාක්‍ෂි අඩපණ වීමයි. අයි. එස්. අයි. එස්. සැබෑ ත‍්‍රස්තවාදීන්ට ගැලවී යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදුකරන ලද පරීක්‍ෂණ අවතක්සේරු කිරීමයි”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීම අද

Mohamed Dilsad

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවට ජවිපෙට චෝදනා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment