ප්‍රමුඛ පුවත 1

ජනපතිවණය පැවැත්විය යුතු දිනය ගැන නාමයෝජනා දිනය කියයි – මැතිවරණ කොමිසමේ සභාපති

(UTV| කොළඹ) – නොවැම්බර් මස 15 හා දෙසැම්බර් මස 07 අතර දිනයකදී අනිවාර්යයෙන්ම ජනපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (15) පෙරවරුශ්‍රී ලංකා කර්තෘ සංසඳයේ සාමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.

“අනිවාර්යයෙන්ම ජනාපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 යන දවස් දෙක යන කාලසීමාව තුළ පවත්වන්න ඕන. නොවැම්බර් 16 ජනපතිවරණය පවත්වන්නේ නම් අපි නාම යෝජනා කැඳවන්නේ සැප්තැම්බර් 3 වැනි සතිය අවසන් වනවාත් සමගයි.

සෙනසුරාදා දිනයක මැතිවරණය තියන්න අපි උපරිම උත්සාහය ගන්නවා. රටේ ජනතාවට ආර්ථිකයට සිදුවන අවම හානිය සලකා බලමින්. ඒ අනුව දවස් හතරයි නොවැම්බර් 16, 23 30 හා දෙසැම්බර් 07 (යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකියි). නෙවැම්බර් 30 දෙසැම්බර් 07 අතර සාමාන්‍ය පෙළ විභාගය එන ගැටලුව තිබෙනවා.

සමහර අය මතුකර තිබෙනවා අපි දෙසැම්බර් 07 ඡන්දය තියලා යම් ආකාරයකට රී පෝල් එකක් වුණොත් කවුද ජනපති කියලා. රී පෝල් එකක් සති දෙකක් ඇතුළත තමයි තියන්න ඕන. නිල කාලය (වත්මන් ජනපතිට) තිබෙනවා ජනවාරි 09 දා වෙනකම්. රී පෝල් එකක් ආවොත් අන්තිම දවසට ගියොත් ගැටලුවක් නෙමෙයි.

අපි දීපු උත්තරය තමයි දෙසැම්බර් 07 ඡන්දය තිබ්බොත් ඡන්ද පොළේ කිසිම අක්‍රමිකතාවක්, නැත්නම් රී පෝල් එකක් වෙන්නේ නැතිවෙන්න රටේ මහජනතාව, දේශාලඥයින්, පොලීසියත් මාධ්‍යෙව්දීන් බලාගන්නම් ඒ නිසා පැන නොනගී කියලා. නමුත් කොමිෂන් සභාව මේ ගැන අවධානය යොමුකර තිබෙනවා කිසිම අක්‍රමිකතාවක් නොවෙන්න අපි වග බලා ගන්නවා. කිසිම අක්‍රමිකතාවක් නොවෙන්න වග බලා ගැනීමේ වගකීම තිබෙන්නේ මහ ජනතාවටයි.

යම් ආකාරයක ඡන්ද පොළක් වැහෙනනවම් නම්, රී පෝල් කරන්න වෙන්නේ කඩාකප්පල් කළොත්. වෙලාවට පටන් ගත්තේ නැත්තොත් වෙලාවට කලින් ඉවර කළොත්. මේක වළක්වා ගන්න තියෙන උපරිමයි. සමහරු කියනවා සිතා මතා කඩාකප්පල් කලා කියලා. ඒක හරියට ඕපන් සෝස් වගෙයි”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

205 කට උසස්පෙළ ප්‍රථිපල නෑ

Mohamed Dilsad

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

Mohamed Dilsad

Leave a Comment