ව්‍යාපාරික

පුළුල් තිරය සහිත Samsung Galaxy S8 ජංගම දුරකථනය වෙළඳපොලට

(උදයම්,දකුණු කොරියාව)  –  2016 වර්ෂයේ නිකුත් වූ Samsung Galaxy S7 දුරකතනයේ තිබූ දෝෂ සියල්ල නිවැරදි කොට නව උපාංග එක් කරමින් Samsung Galaxy S8 ජංගම දුරකථනය ඊයේ (29) හඳුන්වා දෙනු ලැබීය.

මෙම ජංගම දුරකතනයේ විශේෂත්වයක් වන්නේ මුළු දුරකථනය පුරාම විහිඳුණු තිරයක් සහිත වීම බව Samsung සමාගම පවසයි.

විශේෂයෙන් මෙහි භාවිතකරන්නාගේ ඇස හඳුනා ගැනීමේ මෘදුකාංගයක් ඇතුළත් කර තිබේ.

නමුත් Samsung Galaxy දුරකථනවල ඇති home button එක මේ තුලින් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකා මුදලින් එක්ලක්ෂ තිස් පන්දහස ඉක්මවන මුදලකට මෙම ජංගම දුරකථනය මිලදී ගත හැකි බව වාර්තාවේ.

ඊයේ මෙම Samsung Galaxy S8 ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ මෙසේයි.

[ot-video][/ot-video]

Related posts

රත්‍රන් මිල පහළ බසී

Mohamed Dilsad

කුකුළුමස් – බිත්තර හිඟය

Mohamed Dilsad

ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment