(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද (24) අනුරාධපුරයේ දී පැවැත්වෙන සමාරම්භක උත්සවයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.
මෙය ජූලි 27 වන දින දක්වා පැවැත්වෙන අතර මෙම සමාරම්භක උත්සවය අද සවස 4.00 ට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
මෙහි දී මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය ආයතන හා බැංකු වෙතින් ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි වේ.
එමෙන් ම ව්‍යවසායකත්වය පිළිබඳ උපදෙස්, මගපෙන්වීම් සහ පුහුණු අවස්ථාවන් ද මෙහි දී සැපයේ.
ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත ප්‍රදේශ වල තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන් ලබා ගත හැකි පරිදි මෙම ප්‍රදර්ශනය ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය සහ මාධ්‍ය කලාපය ලෙස කලාප හතකට වෙන් කර ඇත.
මෙහි ස්ථාපිත කර ඇති මාධ්‍ය කලාපයේ UTV ප්‍රදර්ශන කුටියක් ද පිහිටුවා ඇති අතර එහිදී ඔබට මාධ්‍ය පිලිබඳ දැනුවත් විය හැකි.
මෙම කලාපය මගින් ඔවුන්ට සිය ව්‍යාවසායකත්ව අපේක්ෂාව ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම සඳහා වන උපදේශකත්වයන්ගේ සිට එය ආරම්භ කිරීම සඳහා පොලී සහන ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම දක්වා වන සියලු කටයුතු එකම ස්ථානයක දී සිදු කර ගැනීමේ හැකියාව පවතී.
මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ ද දායකත්වය ලැබෙන අතර අදාළ බැංකු වෙතින් ඒ මොහොතේම ණය මුදලක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ද ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]