ප්‍රමුඛ පුවත 1

සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළි අමාත්‍යධුර ලබා දෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්.

(UTV| කොළඹ) – පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වය නිසා ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළිත් අදාළ අමාත්‍ය ධුර ලබා දෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මගින් පෙරේදා (23) දිනයේ ලිපියක් මගින් අදාළ ඉල්ලිම සිදුකර ඇති බව පැවසේ.

ඒ අනුව ඉල්ලා අස්වූ සියලූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් මීට පෙර දරන ලද අමාත්‍ය ධුරවල ඉතා ඉක්මනින් යළි දිවුරුම් දෙනු ඇතැයිද කියැවේ.

මීට අමතරව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාට පශු සම්පත් විෂය පවරන ලෙස එමගින් ඉල්ලා ඇතැයිද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසී

Mohamed Dilsad

ආවා කල්ලියේ දස දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment