ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ නඩුව යලි කල්යයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ එක් චෝදනාවක් ඉවත් කිරීමට නිතිපතිවරයා එකගවීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන අගෝස්තු 30 වනදා අධිකරණයට දන්වන්නැයි පළමු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔහුගේ නීතිඥවරුන්ට අද දැනුම් දුන්නේය.

ඒ හම්බන්තොට මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න ඉදිරියේ කැදවූ අවස්ථාවේදියි.

ඒ අනුව මෙම නඩුව ලබන අගෝස්තු 30 වනදා තෙක් කල් දැමීමටයි පළමු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කලේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දයාසිරි ජයසේකර වැඩ භාරගනී – ජනපතිත් සහභාගි වෙයි…

Mohamed Dilsad

ජනාධිපතිවරණය මේ වසර තුල

Mohamed Dilsad

ගෘහ විදුලි ඒකක මිල වැඩි කරන්නේ නෑ – රවී කරුණානායක

Mohamed Dilsad

Leave a Comment