ප්‍රමුඛ පුවත 1

වැහි ළිහිණි කූඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(උදයම්,නුවරඑළිය)  – වැහි ළිහිණි කූඩු කඩා අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගනී.

ඊයේ රාත්‍රීයේ හැටන් පොලිසිය කළ විශේෂ සෝදිසියකදීයි හැටන් සිංගිමලේ දුම්රිය උමගේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් දීර්ඝ කාලයක සිට එම උමං මාර්ගය තුල වැහි ළිහිණි කූඩු කඩා අලෙවි කර ඇති බව අනාවරණය කර ගැනුණි.

සැකකරු විසින් වැහි ළිහිණි කූඩු කඩා ඒවායේ තිබු බිත්තර සහ කුඩා පැටවුන් දුම්රිය මාර්ගයට දමා ගොස් ඇති ආකාරය පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අලව්ව සහ පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

Mohamed Dilsad

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

Mohamed Dilsad

ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනයට සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණයට විශේෂ අරමුදලක්

Mohamed Dilsad

Leave a Comment