ප්‍රමුඛ පුවත 1

යළි සාක්ෂි විමසීම සඳහා යුද හමුදාපති තේරීම් කාරක සභාවට 

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක  ලබන 31 වනදා යළි රැස්වීමට නියමිතයි.

තේරීම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ  පෙරවරු 10 ට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත අතර, එදිනට හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි.

මීට අමතරව, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද යළි සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බවත් ලබන මස 6 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇති බවත්  වාර්තා වේ.

තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඊයේ (27) කියා සිටියේ එදිනට දැනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන , නීතිය හා සාමය විෂය භාරව කටයුතු කළ සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද සාක්ෂි ලබාදීමට නියමිත බවයි.

මීට අමතරව කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ආරාධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට පහසු වේලාවක් හා ස්ථානයක් දැනුම් දෙන ලෙස ද අදාළ ආරාධනය මගින් යෝජනා කෙරෙනු ඇති බවත් නියෝජ්‍ය කථානායකවරයා එහිදී සඳහන් කළේය.

සියලූ සාක්ෂි විමසීම් අගෝස්තු 10 වනදාට පෙර අවසන් කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තීරණය කර ඇති අතර, එහි වාර්තාව අගෝස්තු 23 වනදා නිකුත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 70 ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කඩුවෙල නගරයේ පිහිටි පාලම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

බේරුවල ධීවර යාත්‍රා අනතුර සමබන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment