ප්‍රමුඛ පුවත 1

කළගෙඩිහේනේදී වෑන් රියදුරෙකුට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට

(UTV| කොළඹ) – කළගෙඩිහේනේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින ගණිත ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග ඇතුලු 8 දෙනෙකු අද (29) යළි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලගෙඩිහේන ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් සහ සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී  වෑන් රථයකට මාර්ගය හරස් කරමින් පහරදී එහි රියදුරටද පහරදීමට තැත් කල බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

පහරකෑමට ලක්වු බව කියන පුද්ගලයා ඒ පිලිබද පොලිසියට පැමිණිලි කල අතර ඒ අනුව සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගත්තේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයයි වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයට දරුවන් දෙදෙනෙකු බිලි වෙයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනය දැඩි කරන බව වෘත්තීය සමිති කියයි

Mohamed Dilsad

Leave a Comment