ප්‍රමුඛ පුවත 1

පුරප්පාඩු ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීමට පියවර

(UTV| කොළඹ) – ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කර සිටියි.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම් කැඳවීමට කටයුතු යොදා ඇත.

විදුහල්පති පුරප්පාඩු සහිත ජාතික පාසල් ලේඛනය, අයදුම්පත් කැඳවනු ලබන ජාතික පාසල් සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් පත් කිරීමට අදාළ සේවය, ශ්‍රේණිය, අයදුම්කිරීමට අදාළ සුදුසුකම්, ක්‍රමවේදය සමග අනෙකුත් සියලු ම තොරතුරු හා ආදර්ශ අයදුම්පත්‍රය 2019-07-31 දින http://www.moe.gov.lk දරන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකෙරේ.

අයදුම්පත් කැඳවීම ලබන මස 21 වනදායි අවසන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිරයි – ජනපති

Mohamed Dilsad

අපගේ වගකීම මහජනතාවට පක්ෂපතිව කටයුතු කිරීමයි- ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියයි

Mohamed Dilsad

පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ රථවාහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment