විදෙස්

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

(UTV| ඉන්දියාව) – ඉස්ලාමීය සංස්කෘතියේ ඇතුළත් ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරෙන පණතක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ඊයේ (30) සම්මත කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව, තලාක් යනුවෙන් අවස්ථා තුනකදී ප්‍රකාශ කිරීමෙන් ස්වාමි පුරුෂයාට බිරිඳගෙන් දික්කසාද වීමට පැවති ඉඩකඩ අවහිර වනු ඇති අතර ,  2017 වසරේදීද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කලේ මෙම සම්ප්‍රදාය ව්‍යවස්ථා විරෝධී බවයි.

මෙම නීතිය කඩ කරන්නෙකුට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට ද හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම නීතිය ගෙන ආ බවයි ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත සංචාරක බුබුලේ ආරම්භය අප්‍රේල් 6

Mohamed Dilsad

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment