විදෙස්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට වෙඩි වරුසාවක් – 26 ක් මරුට

 

UTV | කොළඹ –  ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල්-පාසෝ නගරයේ වෙළඳ සංකීර්ණයක් තුළදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් තහවුරු කළේ.

21 හැවිරිදි සුදු ජාතික තරුණයෙකු සිදුකළ මෙම වෙඩි තැබීම ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම සිද්ධියක් බවත් ඔහු සදහන් කළේය.

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවට ආසන්නයෙන් පිහිටි නගරයක මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

සැකකරු මෙම වෙඩි තැබීම සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර , මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

Related posts

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉන්දු මැතිවරණයේ 3වැනි ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිගේ නව ව්‍යවස්ථාව සදහා අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment