ව්‍යාපාරික

රත්‍රන් මිල ඉහළ යයි

 

UTV | කොළඹ –  ලෝක වෙළඳපොලේ රන් මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කරයි.

ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිත වාතාවරණය මැද ආයෝජකයන් සුරැකුම් ලෙස රන් මිලදී ගැනීම මීට හේතුව වී තිබේ.

එසේම , ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඩොලර් බිලියන 300 ක් වටිනා තවත් චීන භාණ්ඩ සඳහා 10% ක තීරුබදු පැනවීම හේතුවෙන් වෙළඳ යුද්ධය උත්සන්නවීම මෙලෙස රත්‍රන් මිල ඉහළ යාමට මූලික හේතුවක්.

රන් අවුන්සයක මිල මේ වනවිට වසරේ ඉහළම අගයට පැමිණ ඇති අතර, සති අන්තයේදී එය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1455 යි ශත 90 ක් ලෙසයි.

Related posts

තේ දළු මිල පහත වැටෙයි

Mohamed Dilsad

ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment