ප්‍රමුඛ පුවත 1

2019 ගෙවුණු මාස හය තුළ සුරාබදු වැටලීම් 25,000ක්

(UTV| කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ වැඩසටහන තුළින් වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150ක් සිදු කර තිබේ.

ඒ නීති විරෝධී ලෙස මත්පැන් නිපදවීම, එම මත්පැන් ළග තබා ගැනීම, ආසවනය කරන ලද ස්පීතු ළග තබා ගැනීම, උපකරණ ළග තබා ගැනීම, නීති විරෝධී ලෙස මත්පැන් විකිණීම, නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් විකිණීම ඇතුළු චෝදනා යටතේ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි.

2018 වසරේ වැටලීම් 49,312 ක් සිදුකර ඇති අතර, එයින් ලද දඩ මුදල් රු. මිලි. 253 ක මුදල් අදාළ පළාත් සභා වල ගිණුම් වලට බැර කර ඇත.

සුරාබදු දෙපර්තමේන්තුව මගින් සිදු කරනු ලබන මෙම වැටලීම්වලින් ලැබෙන දඩ ආදායම ඊට අදාළ පළාත් සභාව වෙත බැර කෙරේ.

2014 වසරේ දී සුරාබදු ආදායම දැක්වුණේ රුපියල් බිලියන 69ක් ලෙසයි.

එහෙත් 2019 වසරේ සුරා බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 130 ක් වන අතර මේ වසරේ ජූලි මස වන විට රුපියල් බිලියන 68 ක් සුරාබදු ආදායම වශයෙන් ලබාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන ජාතියකු අත්අඩංගුවට

Mohamed Dilsad

ටෙලෝ සංවිධානයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපනුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment