ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියාවට පලා ගිය එල්.ටී.ටී.ඊ සොල්දාදුවෙකු එරට පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

(UTV| කොළඹ) – 2017 වසරේ ඇඩිලේඩ් හිදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.

සිද්ධියට අදාල නඩුව ඊයේ (05) එරට අධිකරණයක් හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වූ ගනේෂමූර්ති ත්‍යාගරාජා එම ඝාතනයට වරදකරු වී ඇති බවත් ඔහුට ඊට අදාල දඩුවම ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

12 හැවිරිදි වියේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කර ඇති ගනේෂමූර්ති ත්‍යාගරාජා පසුව බෝට්ටු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පලාගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහු ඔස්ට්‍රේලියාවේ නීති විරෝධිව රැදී සිටි පුද්ගලයෙකු බවට ද අදාල නඩු විභාගයේදී අනාවරණය වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

Mohamed Dilsad

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

Mohamed Dilsad

Leave a Comment