ප්‍රමුඛ පුවත 1

පානීය ජලබෝතල් වල පොලිතීන් ආවරණය තහනම් කිරීමේ සුදානමක්

(UTV| කොළඹ) – පානීය ජල බෝතල්වල මූඩිය ආවරණය කර ඇති පොලිතින් දවටනය තහනම් කිරීමට රජය සුදානම් වේ.

දිනකට වතුර බෝතල් මිලියන 10ක් මහජනතාව විසින් පරිහරණය කරන බවත් එහිදී එම ජල බෝතල් විවර කිරීමේදී පොලිතින් දවටන මිලියන 10ක් පරිසරයට එකතු වේ.

එම නිසා මෙම පියවර ගැනීමට පරිසර අමාත්‍යාංශය සුදානම් බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි.

එසේම කසළ ප්‍රතිචක්‍රියකරණය වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බවත් එහිදී කසළ මිලදී ගන්නා මධ්‍යස්ථාන 32ක් ස්ථාපිත කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා පාසල් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් ඒ පිළිබඳව දැනුත් කිරීමේ වැඩසටහන් එළැඹෙන 15දා සිට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලමේ කුණුවලට විරුද්ධ ඇමති රිෂාඩ්ට ෆේස්බුක් කැරැල්ලක්

Mohamed Dilsad

ජාතිවාදී අන්තවාදී දේශපාලඥයින් වහා ඉවත් විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment