විදෙස්

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

1952 පෙබරවාරි මස 14 වනදා උපත ලද ඇය, මියයනවිට 67 වන වියේ පසුවූවිණි.

හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන්  ඊයේ රාත්‍රී 9.00 ට පමණ දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි NDTV පුවත් සේවය වාර්තා කළේ.

මෙවර ඉන්දීය මහ මැතිවරණයටද සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉදිරිපත් නොවූයේ ඇයගේ සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙනයි.

ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ හිටපු නීතීඥවරියකද වන සුෂ්මා ස්වරාජ් මහත්මිය 1970 දශකයේ දේශපාලනයට පිවිසුනු අතර හර්යානා ප්‍රාන්තයේ ලාබාලතම අමාත්‍යවරිය බවට ඇය පත්වූයේ 1977 වසරේදීය.

අයගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කොංග්‍රස් පක්ෂ මන්ත්‍රී රාහුල් ගාන්ධි ඇතුලු පාර්ශව රැසක් කණගාටුව පළකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට

Mohamed Dilsad

කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි.

Mohamed Dilsad

මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් කරයි

Mohamed Dilsad

Leave a Comment