ප්‍රමුඛ පුවත 1

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට රජයෙන් විලම්භන කාලයක්

(UTV| කොළඹ) – වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට විලම්භන කාලයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපෑමට ලක්වූ හේතුවෙනි.

ඒ අනුව එම බද්ද ගෙවීමට 2019 ජනවාරි මස සිට මාස 6ක කාලයක් සඳහා මෙම විලම්භන කාලසීමාවක් ලබා දීමට නියමිත ඇති අතර එම බදු මුදල් සමාන වාරික 12 කින් නැවත අය කර ගැනීමට අනුමැතිය හිමිව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා සොයන බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට සූදානම් – අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි

Mohamed Dilsad

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

රාජිත අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment