විදෙස්

‘ලඩක්’ ඉන්දීය රජය විසින් නව ප්‍රාන්තයක් බවට නම් කරයි

(UTV| ඉන්දියාව) – ඉන්දීය රජය ලඩක්‌ ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා සියයට 70 ක ප්‍රමාණයක් බෞද්ධයන් වෙසෙන මෙම ප්‍රාන්තය බෞද්ධ බහුතර ජනතාවක්‌ වෙසෙන ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය ලෙස හැඳින්වේ.

මුහුදු මට්‌ටමේ සිට අඩි 9800 ක්‌ උසින් පිහිටා ඇති ලඩක්‌ ප්‍රාන්තය මෙතෙක් පැවතියේ ජම්මු කාශ්මීරයට අයත්වය.

ඩක්‌ නව ප්‍රාන්තයක්‌ කිරීමේ පනතක්‌ මේ වසරේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබුණි.

ලඩක්‌ නව ප්‍රාන්තයක්‌ බවට පත්කිරීම ගැන චීනය සිය විරෝධය දක්‌වා ඇති බව ඉන්දීය ජෙට්‌වේ හවුස්‌ සංවිධානයේ සමීර් පටිල් ද පවසා ඇති අතර එයට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ලඩක්‌ නව ප්‍රාන්තයක්‌ කිරීමට ඉන්දීය රජය ක්‍රියා කළ බව ඉන්දීය වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තුර්කියේ හදිසි තත්ත්වය ඉවතට

Mohamed Dilsad

කටාර් අර්බුධය විසඳීමට කුවේට් එමීර්වරයා මැදිහත් වෙයිද?

Mohamed Dilsad

ඉන්දීය අගමැති රුසියානු සංචාරයක

Mohamed Dilsad

Leave a Comment