ප්‍රමුඛ පුවත 1

උතුම් ථෙරවාදි බුදු දහම ප‍්‍රචාරය කරන්න ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක් වෙයි.

(UTV|කාම්බෝජය) -මුළු මහත් ලෝකයටම ථෙරවාදි බුදු දහම බෙදා හරින ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කාම්බෝජයේ අග නගරය වන නොම් පෙන්හි පිහිටි වට් ලංකා ප‍්‍රාකුසුමාරාම් (Wat Langka Preah Kosomaram) විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට අද (10) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එම කටයුතු වෙනුවෙන් දෙරටේ තානාපති සබඳතා ද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව කාම්බෝජයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් එම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් කාම්බෝජයේ ශ‍්‍රී ලංකා කොන්සල්වරයෙක් සහ ශ‍්‍රී ලංකාවේ කාම්බෝජ කොන්සල්වරයෙක් පත්කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර සබඳතාවල ඓතිහාසික පදනම වන්නේ බුදු දහම වන අතර දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගන්නවා සේම ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමේ උතුම් මෙහෙවර ඉටුකිරීම වෙනුවෙන් ද සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ඒ වෙනුවෙන් කාම්බෝජ රජතුමාගේ, අගමැතිතුමාගේ සහ රජයේ පූර්ණ සහය මේ වන විට හිමිව ඇති බව පැවසු ජනාධිපතිතුමා දෙරටේ මහා සංඝරත්නයේ දායකත්වයෙන් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද කියා සිටියේය.

ජනාධිපතිතුමා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බවත් ය.

ප‍්‍රා කුසුමාරාම් විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය සම්දෙව් ප‍්‍රා මහා අරියවම්ස ආචාර්ය සා ඕ චන්තෝල් හිමිපාණන් වහන්සේ විසින් මෙරට ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙන්ම කාම්බෝජ බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කිරීමට ශ‍්‍රී ලංකාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී ශාරිරික ධාතුන් වහන්සේලා ද එරටට වැඩම කරවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ද අනුශාසනා පරිදි ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතන විහාරස්ථානයට සංඝ පරම්පරාවෙන් හිමිව තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ නමක් මෙන්ම ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් කාම්බෝජයට වැඩම කරවීමට ජනාධිපතිතුමාගේ සංචාරයට සමගාමීව කටයුතු කෙරිනි.

ප‍්‍රා කුසුමාරාම් විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා අනතුරුව ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ විහාරස්ථානයේ තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි රැළිය ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක්

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට ශාන් විජේලාල් ද සිල්වා පත් කෙරේ

Mohamed Dilsad

මෙරට සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment