ප්‍රමුඛ පුවත 1

2020 සඳහා නොමිලේ පෙළපොත් බෙදා දීම අනිද්දා

2020 වර්ෂය සඳහා රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ හට නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම මේ මස 16 වැනි සිකුරාදා නිල වශයෙන් ඇරඹේ.

 එදින පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්වීමට නියමිතයි

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ 2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළ පොත් ලබාදීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවටයි.

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කර තිබෙන අතර පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතයි.

පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමේ.

1 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත් වේ.

සියලුම ජාතින පාසල් හා සිසුන් 1500ට වැඩි පළාත් පාසල් වෙත සෘජුවම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පෙළපොත් හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සපයනු ලබයි.

අධ්‍යාපන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පවසන්නේ රට පුරා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා තෝරාගත් පාසල්වල ස්ථාපිත කරන බෙදාහැරීමේ මධ්‍යස්ථාන 1175 වෙතින් සෙසු සියලු පාසල් සඳහා පෙළපොත් හා ගුරුමාර්ගෝපදේශ සංග්‍රහ සපයන බවයි.

Related posts

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

බගවන්තලාව ප්‍රදේශයේ කානුවක තිබී මළ සිරුරක් හමුවේ.

Mohamed Dilsad

Leave a Comment