ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහලයාමේ හැකියාවක්

(UTV| කොළඹ) – දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව,උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 60දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.
සවස 2.00 න් පමණ පසුව මුලතිවු, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගරදගුරුතුමා සියලු පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

Mohamed Dilsad

අද සිට දීප ව්‍යාප්ත ‍ඩෙංගු මර්ධන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment