ප්‍රමුඛ පුවත 1

තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණයක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙන බව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

සාක්ෂි විමසීම් කටයුතු අවසන් අධියරට පැමිණ ඇති බැවින් අතුරු වාර්තාවක් සකස් කිරිමේ අවශ්‍යතාවක් මතු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ලබන 23 වනදායින් අවසන් වීමට නියමිතව ඇති තේරීම් කාරක සභාවේ කාලය තවත් මාසයකින් දීර්ඝ කර ගැනීමට කතානායකවරයාට යෝජනා කිරිමේ මුලික අරමුණ බවයි.

මිට අමතරව, ජනාධිපතිවරයා තේරීම් කාරක සභාවට කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ලබන 20 වනදා තේරීම් කාරක සභාව රැස්වන්නේද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය කතානායක වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජය නිකුත් කළ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

Mohamed Dilsad

දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment