ප්‍රමුඛ පුවත 1

ආනමාලූ රංග ඝාතන සිද්ධියේ සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(15) රාත්‍රියේ සිදුකළ වැටලීමකදි පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඞ් ඉම්රාන් නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් මාදම්පිටිය පොදු සුසාන භූමියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලඟ තිබී වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් ද සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

“අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න” – ජනපති

Mohamed Dilsad

Leave a Comment