ප්‍රමුඛ පුවත 1

JMI සංවිධානයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI)සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍ර දේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ JMI සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම පසුගිය දිනවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Related posts

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා සහ එරික් සෝල්හයිම් අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment