ප්‍රමුඛ පුවත 1

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් අරඹයි

 

(UTV | කොළඹ) – දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

මේ වන විට ඩ්‍රෝන යානා 500 ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත.

මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමයි.

සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා දේව මෙහෙය සිංහල බසින් පැවැත්වීමට සුදානමක්

Mohamed Dilsad

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකගෙන් ප්‍රශ්න කෙරේ.

Mohamed Dilsad

Leave a Comment