විදෙස්

ජී හත සදහා ලෝකයේ ප්‍රබලයින් ප්‍රංශයට

(UTV | කොළඹ) – ජී හත සමුළුව සඳහා ලෝක නායකයින් ප්‍රංශයේ බියරිට්ස් නගරයට රැස්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙවර G7 සමුළුවේ සත්කාරක රට වන්නේ ප්‍රංශයයි.

මෙම සමුළුවේදී බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්, ජනපති ට්‍රම්ප් සමඟ යළි සාකච්ඡාවක නිරතවීමට නියමිතව ඇත.

අද සිට ඔවුන් ගෝලීය ආර්ථිකය සහ කාලගුණ වෙනස ඇතුලු විෂයන් පිළිබඳව පුළුල් සංවාදයක නිරතවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ධනවාදී රටවල නායක සමුළුවට එරෙහි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ප්‍රංශ පොලීසිය විසින් ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Related posts

සෞදියට සම්බාධක පැනවීමට තව කල් යන ලකුණු

Mohamed Dilsad

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment