විදෙස්

ඇමසන්හි ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක්

(UTV| බ්‍රසීලය) – ලොව විශාලතම වැසි වනාන්තරය ලෙස සැළකෙන ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කලාපයේ පැතිර යන ලැව්ගිනි පාලනය කිරීම සඳහා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඇමසන් වනය රටවල් නවයකට අයත් වන අතර වනාන්තරයෙන් 60%ක් බ්‍රසීලයට අයත්ය.

පෘථිවියේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20% කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනයට දායකත්වය දක්වන ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනයේ හටගත් ලැව්ගින්න හේතුවෙන් මේවන විට හෙක්ටයාර් අට ලක්ෂයකට අධික භුමි ප්‍රමාණයක් දැවී විනාශවී ඇති බව රොයිටස් පුවත් සේවය පෙන්වා දෙයි.

සති කිහිපයක් මුළුල්ලේ හටගත් ලැව්ගිනි තත්ත්වයක් පාලනය කිරීමට පියවර ගැණුනද ගතවූ පැය 24 ක කාලය තුළ නව ගිනිගැනීම් 646 කට අධික ප්‍රමාණයක් වාර්තාවී තිබේ.

ඇමසන් වැසි වනාන්තරය වර්ෂය පුරා අධික වර්ෂාපතනයක් ලැබෙන තෙතමනය පිරි වනාන්තරක් ලෙස සැළකෙන අතර ,ජූලි මාසයේ සිට පවතින වියළි දේශගුණය හේතුවෙන් එහි ලැව්ගිනි ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව විශේෂඥයින් පෙන්වා දෙයි.

පරිසර විශේෂඥයින් පෙන්වා දෙන පරිදි ගිනිගැනීම්වලින් සිදුවූ විනාශය නැවත යථා තත්ත්වයට පත්වීමට තවත් වසර 200 කට අධික කාලයක් ගතවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

IMF ප්‍රධානී වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment