විදෙස්

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට තද වැසි සමග ගංවතුරක්

(UTV| ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට ඇදහැලුණු තද වැසි සමග ක්ෂණික ගංවතුරක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගිම්හාන ඍතුවේ අවසානයත් සමග ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයෙන් තද වැසි වාර්තා වන බවයි

මේ හේතුවෙන් නගරයේ දෛනික කටයුතු රැසක් අඩාලවී තිබෙන බවත් ඒ සමග පහත්බිම් රැසක් ජලයෙන් යටවූ බවත් වාර්තා වෙයි

හදිසියේ ඇතිවූ ජල ගැල්මට හසුවීමෙන් රථවාහන රැසක් ගසාගෙන යන අයුරු කැමරාවල සටහන්ව තිබුණු අතර මහාමාර්ග සහ කඩසාප්පු රැසක් ජලයෙන් යටවී තිබීම නිසා දෛනික කටයුතු වලටත් බාධා මතුව තිබේ.

ගංවතුර හේතුවෙන් මැඩ්රිඩ් හි ප්‍රධාන මාර්ග හා දුම්රිය ස්ථාන කිහිපයක් වසාදමා තිබූ බවයි විදෙස් වාර්තා වල සඳහන් වෙයි.

එරට කාලගුණ බලධාරීන් පවසන්නේ ඉදිරියේදීද එම කලාපයට වර්ෂාව අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

කොවිඩ් මඩින්න ඉන්දියානු හමුදා සහය

Mohamed Dilsad

ඇමෙරිකාවට,කැනඩාවට අධික හිම පතනයක්

Mohamed Dilsad

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment