ප්‍රමුඛ පුවත 1

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

(UTV| කොළඹ) – ලබන තුන්වන පාසල් වාරයේ සිට නිසි ප්‍රමිතියට ක්‍රියාත්මක නොවන පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමුකළ හැකි අයුරින් පාසල් ආපනශාලා පවත්වාගෙන යෑම සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීන ව සිදුකළ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විවිධ පෝෂණ ගැටළුවලට ගොදුරු වී සිටින බවයි.

මේ සඳහා දරුවන් වැරදි ආහාර පුරුදුවලට හුරුව සිටීම මීට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස තහවුරු වී ඇත.

එමෙන්ම කෘෂ බව, ස්ථුලතාව, මිටි බව, අධි බර වැනි පෝෂණ ගැටළු රැසකට දරුවන් ගොදුරුවීමටද ඒ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග සහ දන්ත රෝග වැනි වෙනත් ආබාධ වැළඳීමේ අවදානමකටද දරුවන් ලක්ව ඇති බවත් මෙම තත්වය සැළකිල්ලට  ගෙන නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමුකළ හැකි අයුරින් පාසල් ආපනශාලා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනය කළේය.

ඒ අනුව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය අනුව, සියලු පාසල් ආපන ශාලා ක්ෂණික ආහාර, හා කාබනීකෘත බීම වෙනුවට ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුව නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය කෙරෙන ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුත් ආහාර ලබාදීමට සහතික විය යුතු අතර සාධාරණ මිළ ගණන් යටතේ දරුවන්ට එම ආහාර ලබාගැනීමේ අවස්ථාව ද සැලසිය යුතුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

IOC ඉන්ධන මිලත් පහළට

Mohamed Dilsad

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

Mohamed Dilsad

ශ්‍රීපාද වන්දනාකරුවන්ට පොලිසියෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment