ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

(UTV| කොළඹ) – මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ අද (28) අළුයම සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ සෝදිසි කිරිමේදී ලියාපදිංචි නොකල සැකකටයුතු යතුරු පැදියක් හමුවූ අතර එම යතුරු පැදිය වැඩිදුර පරික්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී අලෙවි කිරීම සඳහා රැගෙන යනු ලබන මෙම කේරළ ගංජා තොගය සොයා ගන්නා ලදි.

23 හැවිරිදි මෙම සැකකරු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේසාලේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධිකරණ පුරප්පාඩු පිරවීමට සුදානම්

Mohamed Dilsad

“ජන බලය කොළඹට” කල් යයි

Mohamed Dilsad

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment