ප්‍රමුඛ පුවත 1

වැසි ඇද හැලුනත් ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍යයි

(UTV | කොළඹ) –  මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍ය බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනය අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහැවැලි ගඟ ඇතුළු ගංඟා වල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයක පවතී.

එමෙන්ම , කළු ගංඟාව මිල්ලකන්ද ප්‍රදේශයේදී අවධානය යොමුකළ යුතු තත්තවයක පැවැතියත් එම ජල මට්ටමද දැන් සාමාන්‍ය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

Mohamed Dilsad

විල්ගමුවේ රැකියා විරහිත උපාධිදාරීන් තවදුරටත් උපවාසයේ

Mohamed Dilsad

බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මාන

Mohamed Dilsad

Leave a Comment