ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

(UTV| කොළඹ) – ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo සිය S කාණ්ඩයේ ස්මාර්ට්ෆෝනය මෙරට වෙළඳ පලට ඉදිරිපත් කරමින්  නවතම vivo S1ස්මාර්ට්ෆෝනය ඊයේ (31)  හඳුන්වා දී තිබේ.

 32MP AI සෙල්ෆි කැමරාවක් සහිතව  සහ පසුපස AI කැමරා ත්‍රිත්වයක් සහිතව  මෙම නවතම ස්මාර්ට්ෆෝනය නිපදවා ඇති අතර කලාපයේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන vivo, ඉතා සිත්ගන්නා සුළු අකාරයට චමත්කාරජනක ලෙස  නිර්මාණය කර ඇත.

 S1 ස්මාර්ට්ෆෝනය තාරුණ්‍යයේ නවීන විලාසිතාවට ගැලපෙන ආකාරයට නිමවා ඇති අතර එහි ඇති AMOLED Halo Full View Display නිසා  වීඩියෝ සහ ඡායාරූප කරණයේදී නියම ස්වාභාවික වර්ණ නිසි ආකාරයෙන් ග්‍රහණය කර ගැනීම මෙන්ම  අන්තර්ජාල පරිහරණය ආදී කටයුතු පහසු කරවයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජිඈන්ග් සඳහන් කළේ පාරිභෝගික අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින්  නිෂ්පාදන ඉදිරිපත් කිරීම  vivo හි ක්‍රමෝපාය බවයි.

විශේෂයෙන්ම නව යොවුන් පරපුර  සඳහා වන  තාක්ෂණික විශේෂාංග රැසක් සහිත vivo S1 ස්මාර්ට්ෆෝනය  පාරිභෝගික අත්දැකීම් පුළුල් කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටු කිරීම සදහා හදුන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය.

ප්‍රමුඛ පෙළේ ස්මාර්ට්ෆෝනයක ඇති විශේෂාංග කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් පිළිබඳ සැලකිළිමත් වෙමින්  vivo S1ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇති බව vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරිවරයා  වැඩිදුරටත් පැවසීය.

මෙම නවතම vivo S1ස්මාර්ට්ෆෝනයෙහි බාහිර පෙනුම සලකා බැලූ විට  සිව් කෙළවර වක්‍රාකාර වූ හැඩය අතෙහි රඳවා ගැනීම පහසු වන ආකාරයට නිර්මාණය කර ඇති අතර මෙරට වෙළඳපලේ පවතින එම පරාසයේ අනිකුත් ස්මාර්ට්ෆෝන් වලට වඩා තුන් ගුණයකින් කාර්යක්ෂම  ඇඟිලි සළකුණු (fingerprint) තාක්ෂණය සහිතව මෙම නවතම vivo S1 ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබේ.

 vivo හි  Dual-Engine Fast Charging තාක්ෂණය නිසා ඉක්මනින් මෙම ස්මාර්ට්ෆෝනය චාර්ජ් කර ගැනීමේ හැකියාව ද පවතින නිසා vivo S1 පරිහරණය කිරීමේදී ඉක්මනින් බැටරිය බැසයාම වැනි තත්වයක් ඇති නොවේ.

2019 වසරේ අගෝස්තු මාසයේ සිට වෙළඳපලට නිකුත් කෙරුනු vivo S1 ස්මාර්ට්ෆෝනය රුපියල් 52,990/= කට වසරක වගකීමේ සහතිකයක් ද සමඟ විදුලි සංදෙශ නියාමන  කොමිෂන් සභාවේ EMI  අනුමැතිය සහිතව දිවයින පුරා පිහිටි vivo බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් මිලදී ගත හැක.

vivo S1 හි විශේෂතා,

            Display: 6.38 inches , Super AMOLED Halo FullViewTM Display

            Processor: MT6768 (P65)

            Front Camera: 32 Megapixel (AI)

            Rear Camera: 16 Megapixel + 8 Megapixel + 2 Megapixel (AI)

            RAM: 6GB inbuilt RAM

            Storage: Super Big 128GB ROM

            Battery: 4500mAh with vivo’s Dual-Engine Fast Charging Technology

            OS: Funtouch OS 9.0

            Screen Resolution: 1080×2340 (FHD+)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හංවැල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

Mohamed Dilsad

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment