ප්‍රමුඛ පුවත 1

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

(UTV| කොළඹ)ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසන ආකාරයට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසක් ජාතික හැඳුනුම්පත් නොමැතිව මෙරට ජීවත් වෙති.

ඊයේ(3) කොළඹදී පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවක දී එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ බව හෙළි වී ඇති බව පෙන්වා දුන්නා ය.

විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව සිටින පිරිස ලක්ෂ 4ක් පමණ වන්නේ යැයි අනුමාන කළ හැකි අතර ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැගවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවද මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

මීට හේතු වී ඇත්තේ හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නොමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම ආදී විවිධ හේතූන්ය.

මැතිවරණ වලදී මෙම හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද එම අධ්‍යයනයේදී වැඩිදුරටත් හෙළිවී තිබේ.

මෙලෙස මැතිවරණයක් පාසා තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට සිදුවීම නිසා රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද ඒ සඳහා ද වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බව ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මෙම තත්වය පාදක කරගනිමින් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රහිත පිරිස ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම දක්වා වන උනන්දු කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් වෙත ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට යෝජිත බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ෆේස් බුක් නිලධාරීන් පිරිසක් ලංකාවට

Mohamed Dilsad

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment