ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් ජාතික හැඳුනුම්පත් කාර්යාලය විවෘත කෙරේ

(UTV|ගාල්ල) – දකුණු පළාත් ජාතික හැඳුනුම්පත් කාර්යාලය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද විවෘත කිරෙමට නියමිතය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින ජංගම සේවය අද (සැප්. 06 ) ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේදී විවෘත කෙරේ.

එමෙන්ම වායුසමනය කරන ලද ආසන තුන් සියයකින් යුතු නව ශ්‍රවණාගාරයකින් සහ රථ ගාලකින්ද සමන්විත ව ඉදිකරන ලද බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 874 ක වියදමක් යොදවා ඉදි කරන ලද නව ගොඩනැගිල්ලද එදිනම විවෘත වෙයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙම ස්ථාන දෙකම විවෘත කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ශාඛාව ආරම්භ වීමත් සමගම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ වෙයි.

2017 ජනවාරි මස 09  දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වන්නේ, ආසන 300න් සමන්විත වායුසමනය කරන ලද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් සහ  වාහන නැවැත්වීමේ පහසුකම්වලින් යුක්තව ඉදිකර තිබීමය. මෙහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

මෙම අවස්ථාවන් සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මැතිඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම බස් රථ 3ක හුළං අරී

Mohamed Dilsad

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ජනපති එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment