විදෙස්

“ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක” ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් අනාවැකි

(උදයම්,ඇමෙරිකා ) – ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත රෙක්ස් ටිලර්සන් පවසයි.

ඔහු සඳහන් කර ඇත්තේ රුසියාව කිසිසේත්ම ඇමරිකාවේ සමීපතම මිතුරෙකු ලෙස නොසලකන බවයි.

රුසියාව ජාත්‍යන්තරයට තර්ජනයක් බව ද නව රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔබාමාගේ පාලන සමයට වඩා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ට්‍රම්ප්ගේ පාලනය පියවර ගනු ඇති බව ද නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත රෙක්ස් ටිලර්සන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Related posts

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment