ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද යාපනේදී

(UTV|යාපනය) – මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද (07)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබේ.

මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සැප්. 07 සිට 10 දක්වා දිනපතා පෙ.ව. 9 සිට රාත්‍රී 12 දක්වා යාපනය, මුට්රවේලි ප්‍රදේශයේදී මහජනතාවට විවෘතව පවතී.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අයවැය මගින් යෝජිත ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් යාපනය කොටුව අසල මුට්රවේලි ප්‍රදේශයේදී පැවැත්වේ.

යාපනය දිස්ත්‍රික්කයට ආවේණික කර්මාන්ත නංවාලීමේ අරමුණින් කාර්මික, කෘෂිකාර්මික, ධීවර හා සංචාරක ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපාර ඇරඹීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට මෙහිදී පොලී සහන ණය ලබාගත හැකිවේ.

රුපියල් ලක්ෂයක අවමයක සිට රුපියල් මිලියන 750 දක්වා ණය ලබාගත හැකිවන බැවින් යාපනයේ ව්‍යවසායකත්ව අපේක්ෂාවෙන් සිටින උගත් තරුණ තරුණියන් හට මෙමගින් පහසුවෙන් ණය ලබාගැනීමට හැකිවනු ඇත.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන දින 04 තුළ ව්‍යවසායකත්වයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අය වෙනුවෙන් ව්‍යවසායකත්ව ණය ලබාගැනීම සඳහා විශේෂ ජංගම සේවාවක්ද පැවැත්වේ. ප්‍රදර්ශන භූමිය තුළ පැවැත්වෙන මෙම ජංගම සේවා සැපයීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා උපදේශන සේවා සපයන රාජ්‍ය ආයතනයන්ගෙන් සමන්විත විශේෂ කවුළු 11 ක් පිහිටුවා ඇති අතර එමඟින් ස්වයං රැකියාවේ සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ණය ලබාගැනීම පිළිබඳ අවශ්‍ය තොරතුරු උපදෙස් හා මගපෙන්වීම ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙම ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන අයට පහසු මිලට භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ද හිමිවේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිමි ඇඳුම් හා ඇගලුම් තීරු බදු රහිත මිල ගණන්වලට මෙහි දී මිල දී ගත හැකි ය.

විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් වෙන් වූ මාධ්‍ය කලාපය තුළින් ජනතාවට සිය ප්‍රියතම විද්‍යුත් මාධ්‍ය නියෝජිතයන් හමුවීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව පාසල් දරුවන්ට අදාළ විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය, වැඩසටහන් රූපගත කෙරෙන ආකාරය හා ප්‍රවෘත්ති ඇතුළු විවිධ වැඩසටහන් විකාශය කරන ආකාරය ද දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වේ

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන සායන සේවා සහ රසායනාගාර සේවාවන් ජනතාවට නොමිලේ ලබා ගත හැකි ය.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවක් ද ප්‍රදර්ශන කලාපය තුළ ක්‍රියාත්මක කෙරේ. එමගින් අධ්‍යාපනය කටයුතු සහ රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කරන්නන්ට සිය අධ්‍යාපන ප්‍රතිඵල ඇතුළු අනෙකුත් අවශ්‍ය ලේඛන සහතික කර ගැනීමේ කටයුතු සිදු කර ගත හැකි ය.

යාපනයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනකම රාත්‍රී දකුණු ඉන්දියානු සංගීත ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් සංගීත සංදර්ශනද පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment