ප්‍රමුඛ පුවත 1

රනිල් ජනාධිපතිවරණයට එන පුවත ගෝඨා පාර්ශවයේ නිර්මාණයක් ඇමති මංගල කියයි[VIDEO]

(UTV| යාපනය) – අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට පල වුණු පුවත ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවය විසින් නිර්මාණය කල අසත්‍ය පුවතක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඔ්නේ ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්. ෆේක් නිව්ස් එකක්. මොකද ඇත්ත වශයෙන්ම ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාවෙන්ම දේශපාලනය කරන කෙනෙක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නැති ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්නන්න කරපු තවත් අසාර්ථක උත්සායක්”.

“මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට, මම යාපනයට ආපු නිසා නොහිටියත් ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කියලා. එතනදී එහෙම දෙයක්වත් කතා කරලා නොතියන මොහොතක ඒ වගේම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකයා හැටියට ඔ්නෙයි කියලා තියෙන මොහොතක මෙවැනි අභූත ප්‍රකාශයක් කිරීම තුළින් ප්‍රෝඩාභයගේ ඒ ව්‍යාපාරයේ කඩා වැටෙන ස්වරූපයයි මේ අය ඒ පෙන්වලා තියෙන්නේ”.

“මොකද අපි පැහැදිළිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඔ්නේ සජිත් ප්‍රේමදාසයි කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක. මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්. අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ”.

එක්සත් ජාකිත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නේද එක තීරණය කරන්නේ?
“හරි ඒක නිසා තමයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නෙත් මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු දැන් තුනෙන් දෙකක්ම දැන් කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තීන්දුව, මේ එක එක ගෝඨාභයට කඩේ යන අයගෙන් නෙවෙයි ගන්න ඔ්නේ. ඒ තීන්දුව අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයි එකතු කරලා කරපු රැස්වීමකදී අවසන් තීරණය ගන්නවා.
එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කියලා කියනවා?
නැහැ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලත් නැහැ කැඩෙන්නෙත් නැහැ. මොකද දෙකට කැඩෙන්න බැහැනේ මොකද අනූ පහක් එක මතයක ඉන්නකොට තව පස්දෙනෙක් කියනවා නම් බැහැයි කියලා, කඩනවා නම් කඩන්න හදන්නේ ඒ පස්දෙනා මිසක් අර අනූ පහ නෙවෙයි. මුළු පක්ෂයම එක මතයක ඉන්නේ”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අවශ්‍ය විට ජාති හා ආගම්වාදීන්ට එරෙහි ව නීති ගෙන එනවා – අගමැති

Mohamed Dilsad

තැපැල් සේවකයින් අද විරෝධතාවයක

Mohamed Dilsad

ඌරුජුවාගේ ගෝලයන් සිව් දෙනෙක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment